Paragon Clothing සමාගම අපගේ 40 වැනි සංවස්තරය සැමරුවේ 2020 වසරේදී ය. එක්සත් ජනපදය පුරා විසිරුණු තනි තනි ඇඟලුම් වෙළඳසැල් වෙත ඇඟලුම් සපයන්නෙකු වශයෙන් ඇරඹුණු මෙම ව්‍යාපාරය මෙතරම් මට්ටමකට පැමිණීම විශ්වාස කළ නොහැකි තරම් අසීරු කර්තව්‍යයකි.  එනමුදු, දශක සතරක් පුරාවට වර්ධනය වෙමින්, අනුවර්තනය වෙමින් පැමිණි අපගේ ව්‍යාපාරය අද ලොව විශාලතම අලෙවිකරුවන් සමඟ වැඩකරන සමාගමක් වීම අපට ආඩම්බරයකි.

ආරම්භයේ පටන්ම මෙම ව්‍යාපාරයට පාදමක් සපයා දුන්නේ ශක්තිමත් පවුලේ හර පද්ධති සහ ආචාර ධර්ම වන අතර ඒවා අපගේ ව්‍යාපාරයේත්, සේවක මඩුල්ලේත් ඇටමිදුළු වලටම බද්ධ වී තිබේ.

අප දුන් පොරොන්දු ඉටුකිරීමටත්, අපගේ අනුග්‍රාහක භවතුන්ට ගරු කිරීමටත්, නව්‍ය වූ නිෂ්පාදන පිරිනැමීමටත් වසර ගණනාවක් මුළුල්ලේම අප ඇපකැප වී ඇත. අප අප ගැනම ආඩම්බර වන අතරම අපගේ ගැනුම්කරු වෙළඳ සමාගම් සමඟ ද අපගේ වෙහෙසෙහි සාඩම්බර ප්‍රතිඵල බෙදා ගන්නෙමු.

මෙම මූලධර්ම අප ‘Paragon ක්‍රමය’ නමින් හඳුන්වමු: එය අපගේ හදවතයි.

 

“සතළිස් වසරක මෙම සන්ධිස්ථානයට ළඟ වූ අප, අපගේ අනාගතය වෙත සාඩම්බරයෙන් පියනගන අතරම අපගේ ශක්තීන් සමඟ අඛණ්ඩව තවදුරටත් වර්ධනය වීම අපගේ අපේක්ෂාවයි.”



Mario Buhus, Founder