Paragon Clothing යනු මහද්වීප 3ක පිහිටි රටවල් පහක් තුළ ගෝලීයව පැතිරී තිබෙන සහ ලන්ඩනයේ මූලස්ථානය විසින් මෙහෙයවනු ලබන ප්‍රමුඛ පෙලේ පවුලේ රෙදිපිළි නිර්මාණකරණ හා නිෂ්පාදන සමාගමකි.


1980 වසරේ පිරිමි නිමි ඇඳුම් නිෂ්පාදකවරයෙකු ලෙස ආරම්භ වූ අපගේ ව්‍යාපාරය, නවෝත්පාදන, දැනුම සහ විවිධ වෙළඳපොල සහ නිෂ්පාදන අංශ වෙත වැඩි වශයෙන් නිරාවරණ වීම තුලින් මේ දක්වා අඛණ්ඩ විකසනයකට බඳුන් වෙමින් පැමිණ ඇත.    

අද වන විට අප කාන්තා, පිරිමි සහ ළමා නිමි ඇඳුම් ඇතුළු සුවිසල් නිෂ්පාදන පරාසයක් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන අතරම ලන්ඩනයේ ප්‍රධාන කාර්යාලය මධ්‍යස්ථානයකර ගනිමින් ලොව පුරා රටවල් හයක් හරහා ඇඟලුම් නිෂ්පාදනයේ යෙදීමට සමත් වී ඇත.

අපගේ ව්‍යාපාරය සහ සේවක මඩුල්ල වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමෙන් ද, අපගේ උපාය මාර්ගික වත්කම් ද, අනුවර්තනය වීම සහ නම්‍යශීලීභාවය සම්බන්ධයෙන් අපගේ දිගුකාලීන සංස්කෘතිය ද යන මේ සියල්ල, ශක්තිමත් මුල්‍යමය කළමනාකරණයක් අත්තිවාරමකර ගනිමින් අපගේ මෙම ප්‍රවේශයට පාදක වී තිබේ. 

 සුවිශේෂී මට්ටමක පාරිභෝගික තෘප්තිමත් භාවයක් සමඟින් සිත් අලවන, තිරසාර ලෙස නිර්මිත ඇඟලුම් සපයාදීම අපගේ ඒකායන පරමාර්ථයයි.

“1980 වසරේ අපගේ ඒ ඇරඹුමට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගත් ව්‍යාපාරයක අප අද නියැලී ඇති නමුදු, අපගේ හර පද්ධති සහ සංස්කෘතිය මේ දක්වාම නොවෙනස්ව පැවතී තිබේ.

අප වැඩකරන අයුරින් සහ අපගේ අනුග්‍රාහකභවතුන් සඳහා නිරතුරුවම විශිෂ්ඨ සේවාවක් ඉටුකිරීමට දක්වන ප්‍රියතාවයෙන් අපගේ සැලකිලිමත් භාවය, ප්‍රෞඩත්වය සහ ඉමහත් කැපවීම මොනවට පැහැදිලි වේ.”



ඔලිවර්-මැටේ බුහුස්, අධ්‍යක්ෂක