උපාය මාර්ගික සැපයුම් මාර්ග

යුරෝපයේ, ආසියාවේ සහ අප්‍රිකාවේ පිහිටි කාර්යාල සහ අපගේ ප්‍රධාන නිෂ්පාදන සැපයුම්කරු මාර්ග පවතින Paragon Clothing යනු ගෝලීය සමාගමකි.

අපගේ පාරිභෝගික භවතුන්ගේ ක්‍රමෝපායන් සහ ව්‍යාපාරික අරමුණු වලට ගැලපෙන රෙදිපිළි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ක්ෂේත්‍ර දැනුම සහ අත්දැකීම් අප ලබාගන්නේ අපගේ ගෝලීය යටිතල පහසුකම් වලිනි. මෙමගින්, අපගේ සැපයුම් දාමය පුරාවටම අපගේ හර පද්ධතීන් සහ මූලාශ්‍රයේ පවතින සංස්කෘතිය ද සමඟින් ‘Paragon ක්‍රමය’ ක්‍රියාවට නැංවීමටත් අවකාශය ලැබේ.

බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, මොරොක්කෝව, ශ්‍රී ලංකාව සහ වියට්නාමය ඇතුළු විවිධ නිෂ්පාදන සැපයුම් මාර්ග වලින් පොහොසත් Paragon සමාගමට කෙටි සහ දිගු කාලීන නායකත්ව නිෂ්පාදන පමණක් නොව අපගේ මුළු නිෂ්පාදන පරාසයම සඳහා GSP වාසිය සපයා දිමටත් හැකියාව ලැබී ඇත.

 
 
 
 

Paragon China

Hangzhou කාර්යාලය


අපගේ Hangzhou කාර්යාලය, අපගේ චීන සහ වියට්නාම නිෂ්පාදන මාර්ග හසුරුවනු ලබන ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු වී තිබේ. අමු ද්‍රව්‍ය මිලට ගැනීම සහ සම්පත් සැලසුම්කරණයේ පටන් රෙදිපිළි නිෂ්පාදනය කිරීම දක්වාම එහි සිටින අපගේ කණ්ඩායම අපට සහය පිරිනමයි.

 
 
 
 

Paragon Sri Lanka

කොළඹ කාර්යාලය


කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යයෙහි පිහිටි අපගේ කාර්යාලයෙන් ශ්‍රී ලංකාව,බංගලාදේශය හා ඉන්දියාව මූලික කරගත් අපගේ නිෂ්පාදන මාර්ග වෙත සේවය සපයයි. අපගේ ශ්‍රී ලාංකීය සහෘදයන් ලන්ඩනයේ සහ චිනෙය් පිහිටි අපගේ කාර්යාල සමඟ එක්ව වැඩ කරමින් කලාපය පුරාවට අන්තර්-සිමා අවස්ථාවන් සහ නිෂ්පාදන විසඳුම් වෙත තම අවධානය යොමුකරයි.

 
 
 
 

Paragon Morocco  

Tangier කාර්යාලය

Tangier නගරයේ පිහිටා ඇති අපගේ නියෝජිත කාර්යාලයත් සමඟ Paragon සමාගමට මොරොක්කෝවේ ශක්තිමත් සහ දිනෙන් දින ඉහළ යන ව්‍යාපාරික පැවැත්මක් තිබේ. අපගේ පාරිභෝගික භවතුන් වෙත වේගවත් ප්‍රතිඵල ලබාදෙන මාර්ගයක් ලෙස ක්‍රියා කරමින් ඉල්ලුමට ශීඝ්‍ර ලෙස සැපයුම් කිරීමට සහය වනු වස් අපගේ ලන්ඩනයේ පිහිටි ප්‍රධාන කාර්යාලය සමඟ සෘජුව සම්බන්ධීකරණය කරන නිෂ්පාදක කළමනාකරණ කාර්යාලයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.